විදේශීය

ප්‍රංශයේ පැරිස් නගරය හුදකලා කෙරේ

ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට පියවරගෙන ඇත. ඒ කොවිඩ් -19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම තවත් කලාප 15ක් අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට හුදකලා කිරීමට තීරණයකර තිබේ.

එරට අග්‍රාමාත්‍ය ජින් කැස්ටෙක්ස් මේ පිළිබඳ ප්‍රකාශකර ඇත්තේ මෙම හුදකලා තත්ත්වය මීට පෙර හුදකලා කළ තත්වයන් තරම් දැඩි නොවන බවයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යුරෝපා රටවල් කිහිපයක් ලබාදීම යළි ආරම්භ කිරීමට තීරණයකර ඇති අතර යුරෝපා ඖෂධ ඒජන්සිය මඟින් අදාළ එන්නත ලබාදීම ආරක්ෂිත හා ප්‍රතිඵලදායක බවට තහවුරු කිරීමෙන් පසු යුරෝපා රටවල් 13ක් මෙම තීරණයගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *