Unlimited ඩේටා පැකේජ ගැන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් නියෝගයක්
පාරිභෝගික ජනතාවට 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර ඇත.
මහජනතාව වෙත ලබාදිය හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත 2021 මාර්තු 1 වනදා වන විට ලබාදෙන ලෙස අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් නිකුත්කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසා ඇත්තේ අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
