දේශීය

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ මහතා විසින් අද (19) අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට නියෝග කර ඇත.

අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙනයාමට කටයුතු නොකරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට දන්වනු තිබේ.

අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණේ 2014 – 2016 කාල සීමාව තුළ අමාත්‍ය ධුරය දැරූ සමයේ සිය වත්කම්වලින් උපයා ගැනීමට නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා මතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *