දේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඒ අනුව අද(19) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මි.මී. 100 ට වැඩි තද වැසි සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.

උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු පිළිබඳව අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *