දේශීය

10% ක වට්ටමක් සහිතව වරිපනම් ගෙවීමේ කාලය දීර්ඝ කෙරේ

කොළඹ නගර සභාව වෙත 2021 වර්ෂය සඳහා වරිපනම් බදු ගෙවීමේදී ලබාදී තිබූ 10% ක වට්ටම ලබාදීමේ කාලසීමාව මේ මස 31 වනදා දක්වා දීර්ඝකර තිබේ.

ඒ අනුව කොළඹ නගර සභාව වෙත 2021 සම්පූර්ණ වර්ෂය (කාර්තු 4ම) සඳහා 10%ක වට්ටම් සහිතව වරිපනම් බදු ගෙවිය හැකි අවසන් දිනය 2021.03.31වේ.

එමෙන්ම මේ වසරේ ජනවාරි 31 වනදායින් පසු මේ දක්වා වරිපනම් බදු ගෙවා ඇති සියළු දේපළ සඳහා 10% ක වට්ටම් ඇතුළත් කෙරෙනු ඇත.

අදාළ ගිණුම් නිවැරදි කිරීම ඉදිරියේදී සිදුකරන බවයි කොළඹ මහ නගර සභාව නිවේදනය කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *