දේශීය

අග්‍රාමාත්‍ය කාර්යාල ලේකම්වරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ලගලයෙකු අත්අඩංගුවට

රිදීගම පොලීසියට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සිදුකළ දැනුම්දීමක් මත අග්‍රාමාත්‍ය කාර්යාල ලේකම්වරයෙකු ලෙස එම ප්‍රදේශයේ ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ලගලයෙකු රිදීගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඉංගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ඕස්ට්‍රෙලීයාවට යවන බව පවසා රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට අධික මුදලක් වංචා කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (20) රම්බඩගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *