දේශීය

පැරෂුට් පුහුණුවකදී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

අම්පාර ප්‍රදේශයේ දී ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුරදී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ අඩි 8000 ක පමණ උසක සිට ගුවන් හමුදා නිලධාරියා සහ අනෙක් ගුවන් හමුදා සෙබළා බිමට පැන ඇති අතර එහිදී එක්වරම ඇතිවූ අනපේක්ෂිත සුළං මාරුවීමක් හේතුවෙන් පැරෂුට් 2 ක් එකට පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ ගුවන් සෙබළා ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *