පස්සර බස් අනතුරින් මියගිය ගණන 15 ක් දක්වා ඉහළට
පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 32 ක් වන අතර බස් රථයේ රියැදුරු ද අනතුරින් මියගොස් තිබේ.
බදුල්ල රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකු බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
ඉන් 16 දෙනෙකු කාන්තාවන් වන අතර තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 14 ක් ද සිටී.
රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ බරපතල තත්ත්වයේ පසුවන දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
තුවාල ලැබූ තවත් 07 දෙනෙකු ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අද (20) පෙරවරු 7.15 ට පමණ අනතුරට ලක්වන විට එහි මගීන් 45 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
