මෙරට කොවිඩ් තතු
ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89,497 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (19) නව වෛරස ආසාදිතයින් 322 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 86,227 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 2,726 දෙනෙක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
ඊයේ (19) වාර්තා වූ කොවිඩ් මරණ 6 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 544 ක් දක්ව ඉහළ යන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
