හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට
හෙරොයින් ළඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් ග්රෑම් 45 ක් සමග යාපනය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත යාපනය සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
බන්ධනාගාර රැඳවියන්ට ලබාදීම සඳහා මෙම හෙරොයින් රැගෙන යන්නට ඇති බවට සැක පළ කෙරෙන අතර එම හෙරොයින් ප්රමාණයේ වටිනාකම රුපියල් 360,000කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
