පෙට්ට්‍රල් අග්‍රාහනය වී කුඩා දරුවෙකු මියයයි
යතුරුපැදියක නැග එහි ඉන්ධන ටැංකියේ පියන විවෘත්කර පෙට්ට්‍රල් සුවඳ බැලීමට උත්සහා කළ 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
ඊයේ (20) පස්වරුවේ එම සිදුවීම වාර්තා වී ඇත්තේ දඹුල්ල වැලමිටියාව ප්‍රදේශයෙන් වන අතර එලෙස මියගොස් ඇත්තේ දඹුල්ල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සජිත් කුමාර මුණසිංහ නැමති දරුවෙකි.
එම දරුවා ඊයේ (20) පස්වරුවේ තම මිත්තනියගේ නිවසට පැමිණ නිවස ඉදිරිපිට නවතා තිබූ ඥාතියෙකුට අයත් යතුරුපැදියක් මතට නැග එහි පියන විවෘතකර පෙට්ට්‍රල් සුවඳ බැලීමට යාමේදී එම අනතුර සිදුවී ඇති බවයි ඥාතීන් සඳහන් කළේ.
යතුරුපැදිය මතම සිහිසුන්ව සිටි දරුවා ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ගලේවෙල රෝහලට ඇතුළත් කරන විට ද මියගොස් තිබේ.
මෙම දරුවාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දඹුල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
