දේශීය

රු.ලක්ෂ 80 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි රුපියල් ලක්ෂ 80කට අධික මුදල් සහිත බෑගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පැල්මඩුල්ල පොලීසියට ලද තොරතුරක් අනුව ඊයේ (20) මෙම වැටලීම සිදුකර ඇත.

44 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව පැල්මඩුල්ලේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *