ප්‍රංශයේ සහ පෝලන්තයේ නව සංචරණ සීමා දැඩිකෙරේ
කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශයේ සහ පෝලන්තයේ නව සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
පසුගිය සතිය තුළ එම රටවල් වලින් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමග එලෙස සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව පෝලන්තයේ අත්‍යාවශ්‍ය නොවන හෝටල්, වෙළෙඳසැල්, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථාන සති 3ක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.
ප්‍රංශය ද ප්‍රදේශ රැසක් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට සම්පුර්ණයෙන්ම වසා තැබීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
