දේශීය

මෙරට කොවිඩ් තතු

ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89,846 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (20) නව වෛරස ආසාදිතයින් 349 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 86,466 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 2,835 දෙනෙක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

ඊයේ (20) වාර්තා වූ කොවිඩ් මරණයත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 545 ක් දක්වා ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *