ක්‍රීඩා

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඉන්දීය ලෙජන්ඩ්ස් අවසන් තරගය අදයි

Road Safety World Series විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (21) පැවැත්වේ.

මුම්බායිහි දී රාත්‍රී 7.00 ට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය ආරම්භ වීමට නියමිතය.

Road Safety World Series තරගාවලිය සඳහා කණ්ඩායම් 07 ක් සහභාගී වූ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වූ තරග 06 න් 05 බැගින් ජයගැනීමට සමත් වුණි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *