එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමක දී සැකකරු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබි රුපියල් මිලියන 2.7 මුදලක් ද සොයාගෙන ඇත.
ඔහු 42 හැවිරිදි මාවනැල්ල කිරිගංදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
සැකකරු මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
