විදේශීය

කොවිඩ්ලවලට පෙත්තක් ?

කොවිඩ් මර්දනය සඳහා ඖෂධ පෙත්තක් ඉන්දීය සහ ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් නිශ්පාදනය කර ඇති බව වාවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත්කරණය වෙනුවට මෙම පෙත්ත ලබාදිය හැකි බව මෙම ඖෂධය නිශ්පාදනය කළ පිරිස සඳහන් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා දන්වා ඇත්තේ සතුන් යොදාගෙන මේ සම්බන්ධයෙන් කළ මූලික අත්හදාබැලීම් සාර්ථක බවයි.

කෙසේවෙතත් මෙම ඖෂධය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකරන ලද අත්හදාබැලීම්වල ප්‍රතිඵල විද්‍යා සඟරාවල පළකර නොමැති බව වාර්තා වන අතර මිනිසුන් යොදාගෙන අත්හදාබැලීම් කිරීමට තවත් කලක් ගතවන බව ද වාර්තා වේ.

මෙම ඖෂධය පරීක්ෂණයට භාජනය කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රේමාස් බයෝටෙක් සමාගම සහ ඊශ්‍රායලයේ ඕරාමෙඩ් සමගම බව විදෙස් මාධ්‍ය වැඩිදුරටය් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *