දේශීය

රුවන්පුර අධිවේගයේ පළමු කොටසේ ඉදිකිරීම් දේශීය සමාගමකට

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ කි.මී. 24.3 කොටස ඉදිකිරීමේ කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගමකට භාරදී තිබේ.

අදාළ කොන්ත්‍රාතුව පිරිනැමීම අද (22)  බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කි.මී. 73.9 ක් ඉදිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා විසින් පසුගිය දා ඉදිරිපත් කළ අතර එම පත්‍රිකාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

මෙහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි.මි 24.3ක කොටස පැකේජ හතරකට බෙදා ඉදිකිරීමට නියමිතය.

මෙම මාර්ග කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් ඉදිකිරීමට යෝජනා වූ අතර එම මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *