අනතුරුවලට හේතු ගෙවුණු ටයර්ද ? රට පුරා විශේෂ මෙහෙයුම්
දිවයිනේ සියලු ප්‍රදේශවල අද (22) සිට දින 3 ක් පුරා ගෙවී ගිය ටයර් සහිත වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
දෛනිකව ඉහළ යන රිය අනතුරුවලට එක් හේතුවක් ලෙස දෝෂ මෙන්ම ගෙවී ගිය ටයර භාවිත කිරීම පෙන්වා දෙන අතර රියැදුරන්ගේ නෙැසලකිල්ල, අපරීක්ෂාකාරීබව, බීමත්ව රිය පැදවීම යන කරුණු ද රිය අනතුරු ඉහළ යාමට හේතු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
දෛනිකව පුද්ගලයින් 9 – 10 ත් අතර සංඛ්‍යාවක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගතවූ පැය 24 තුළ පමණක් ජීවිත 8ක් රිය අනතුරුවලින් අහිමී වී ඇත.
දෛනිකව රිය අනතුරුවලින් තුවාල ලබන පුද්ගලයින් සංඛ්‍යාව 30 – 40 අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
