විදේශීය

ඔස්ට්‍රේලියාවේ ගංවතුර තත්ත්වයක් – 18,000 ක් අවතැන්

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇති වු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 18,000ක් පමණ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළබඩ කලාපයට දැඩි බලපෑම් ඇතිව තිබෙන බව වාර්තා වී ඇත.

දින ගණනාවක් පුරා පැවති අධික වර්ෂා පතනයක් හේතුවෙන් ප්‍රාන්ත අගනගරය වන සිඩ්නි හි ගංගා සහ වේලි පිටාර ගලමින් පවදින බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රදේශයට මෙලෙස ගංවතුර තත්ත්වයක් සිදුව ඇත්තේ වසර 50කින් පමණ පසුව බව බලධාරීන් සඳහන් කර ඇති අතර ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පිරිස සඳහා මූල්‍යාධාර පිරිනමන බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *