ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
හෙට (23) පෙරවරු 9.00 සිට පැය 6ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
සපුගස්කන්ද විදුලි උප පොළෙහි සිදු කෙරෙන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.
පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක සහ සීදුව යන නගරසභා බල ප්‍රදේශවලත්, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජා-ඇල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
එසේම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
