දේශීය

මහරගම අපේක්ෂා රෝහලේ නොසන්සුන් තත්ත්වයක්

මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනකු එහි විකිරණශීලි කාමරයක් තුළ හිර කර තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම රෝහලේම සේවය කරන විකිරණ ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ හෙදියන් දෙදෙනා මීට දින දෙකකට පමණ පෙර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

විකිරණ ශිල්පීන් දෙදෙනෙකු විසින් අදාළ හෙදියන් දෙදෙනා විකිරණශීලි කාමරයක් තුළ පැයක පමණ කාලයක් අඟුලු දමා සිර කර තබා ඇති බවට පොලීසිය කළ විමර්ශනයේදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර විකිරණ ශිල්පියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *