දේශීය

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

රියර් අද්මිරාල් රුවන් පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ පත්වීමට අදාළ ලිපිය නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් රියර් අද්මිරාල් රුවන් පෙරේරාට නිල වශයෙන් භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් රුවන් පෙරේරා 1986 පෙබරවාරි 28 වැනිදා ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවේ විධායක අංශයට එක්ව ඇත.

නාවික හමුදා මූලස්ථානයේ විවිධ මාණ්ඩලික සහ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික තනතුරු ද හොබවා ඇති රියර් අද්මිරාල් රුවන් පෙරේරා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන් සහ ආඥාපති ලෙස , නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ලෙස, දකුණු, වයඹ සහ නැගෙනහිර නාවික විධානයන්හි ආඥාපති ලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021මාර්තු 21 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලදී.

රුවන් පෙරේරා රණ ශූර පදක්කම ඇතුළු සේවා පදක්කම් ගනණාවකින් සහ ආදර්ශවත් විශිෂ්ට චරිතය සඳහා උත්තම සේවා පදක්කමින් පිදුම් ලබා ඇති දේශපුත්‍ර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *