විදේශීය

නයිජර් රාජ්‍යයේ වෙඩි තැබීමකින් සිවිල් වැසියන් 137 ක් මරුට

නයිජර් රාජ්‍යයේ නිරතදිග ප්‍රදේශයේ මාලි දේශසීමාවේ පිහිටි ගම්මාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ යතුරුපැදිවලින් පැමිණි ආයුද සන්නද්ධ ,තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

එරට රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර ගණනාවක් තුළ නයිජර් රාජ්‍යට එළ්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.

මියගිය ජනතාව සිහි කරමින් නයිජර් රාජ්‍යයේ දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙය සතියක් තුළ එරටට සිදු වූ දෙවන දරුණුතම ප්‍රහාරය වූ අතර පසුගිය 15 වනදා ද තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් 58 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *