දේශීය

පාස්කු කොමිසමේ නිර්දේශ සලකා බැලීමට පත්කළ අමාත්‍ය අනු කමිටුව අද රැස්වේ

ජනාධිපතිවරයා විසින් පත්කෙරුණු අමාත්‍ය අනු කමිටුව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා අද (23) සහ හෙට (24) රැස්වීමට නියමිතවේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අනු කමිටුව රැස්වේ.

මෙම කමිටුවට පැවරුණු ප්‍රධාන වගකීම වන්නේ කොමිෂන් සභා වාර්තාව මඟින් විවිධ ආයතනවලට අදාළව කරනු ලැබී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කරුණු සොයාබැලීමය.

එම දෙදින සාකච්ඡාවලින් පසුව අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමට බලාපොරොත්තු වන බව කමිටු සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *