කළුතර ප්රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
හෙට (24) පැය 18 ක කාලයක් කළුතර ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.
ඒ අනුව එම මණ්ඩලය දන්වා ඇත්තේ කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, හික්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ සහ මොරොන්තුඩුව යන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවන බවයි.
හෙට පෙරවරු 08.00 සිට අලුයම 02.00 දක්වා කාලය තුළ අදාළ ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.
මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතුව කළුතර අල්විස් පෙදෙස ජලාශ පරිශ්රයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
