රක්ෂිතයක් එළිපෙහෙළි කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
බද්දේගම තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
