ජා.හැඳුනුම්පත් ලබාගැනීමේ එක් දින සේවාව සඳහා දිනය හා වේලාව වෙන්කරවා ගත යුතුයි – පු.ලි.දෙ.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක් දින සේවාව සීමාකර ඇති බැවින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා ඇත.
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමේ දී එසේ දිනය හා වේලාව වෙන්කරවාගෙන පැමිණීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක සඳහන් කර තිබේ.
ඒ අනුව තම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට හෝ 0115 – 226126, 0115 – 226100 යන දුරකතන අංක අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගතහැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
