සංඝරාජ මාවතේ ආපනශාලාවක ඇති වූ ගින්නකින් අයෙක් ජීවිතක්ෂයට
අද (24) උදෑසන කොළඹ, සංඝරාජ මාවතේ ආපනශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අදාළ ආපන ශාලාවේ මුළුතැන්ගෙයි ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
ගිනි නිවීම් රථ යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
ආපන ශාලාවේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු බලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
