හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක අපවත් වී වදාළ කොටුගොඩ ධම්මවාස හිමිපාණන්ගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ජාතික, ආගමික හා ශාසනික වශයෙන් උන්වහන්සේ විසින් සිදුකළ සේවය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.
ආදාහන පූජෝත්සවය පවත්වනු ලබන නගර සීමාව තුළ ශෝක දිනයක් සේ සලකා හෙට දිනයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුරාසැල් සහ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබීමටත් කටයුතු සැලසුම් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දි තිබේ.
කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්විමට නියමිතවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
