ගත වූ පැය 24 තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 112 ක් අත්අඩංගුවට
අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවටගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
එහිදී ඔහු සතුව තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29 ක් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගත් රුපියල් 880,000ක මුදලක් ද සොයාගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර පසුගිය පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව තවදුරටත් එම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
