මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම්
මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කර සිටියේ වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.
ඒ අනුව කොළඹ වැඩබලන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාව සිටි ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස පත්කර ඇති අතර කොළඹ වැඩබලන දිසා විනිසුරුවරයාව සිටි ඒ.ජී. අලුත්ගේ මහතා කොළඹ දිසාවිනිසුරුවරයා ලෙස ද පත්කර ඇත.
මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද (25) දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් දන්වා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
