පැතුම් නිශ්ශංකගෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද (25) වේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (24) දිනයේ තරගය නතර කරනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් පළමු ඉනිම සඳහා ලකුණු 169ක් ලබාගන්නා ලදි.
ඊට පිළිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 271ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී දෙවන ඉනිම සඳහා ලකුණු 476ක් ලබාගැනීමට සමත් විය.
ඒ සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ පැතුම් නිශ්ශංක රැස් කළ ලකුණු 103 ත් සමගින්.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 96ක්, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91ක්, ළහිරු තිරිමාන්න ලකුණු 76ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 50ක් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් රැස් කරන ලදි.
තම මංගල ටෙස් තරගයේ ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පැතුම් නිශ්ශංක පත්විය.
මීට පෙර මෙම දස්කම දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන්,
01. බ්‍රෙන්ඩන් කුරුප්පු 201* (1987)
02. රොමේෂ් කළුවිතාරණ 132* (1992)
03. තිලාන් සමරවීර 103* (2001)
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
