ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මි.මී. 75 ට වැඩි තරමක තදවැසි ද සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට ඇති විය හැක.
උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු පිළිබද අවදානයෙන් සිටින ලෙස කාලගුණ දෙපාර්තමෙන්තුව ජනතාව දැනුවත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
