වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
මාර්තු 31 වැනි දා රාත්‍රී 10.00 සිට අප්‍රේල් 01 වැනි දා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවයි දන්වා ඇත්තේ.
ඒ අනුව වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමු පාර, ඇවරිවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව, මරදාන පාර, හැදල පාරේ කොටසකට සහ ඇලකන්ද ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
