ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
පදියතලාව කැළේ ළිඳ වතුයාය ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ පතරොම් 10 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පදියතලාව පදිංචිකරුවෙකි.
ඔහු අද (28) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
