දේශීය

මැණික් පතලක් තුළ සිරවී දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල වෙරලුපිටිය ප්‍රදේශයේදී මැණික් පතලක් තුළ සිර වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (27) රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒත් සමගම පතල තුළට ගොස් තිබූ දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.

පතල තුළ සිරවී මියගිය දෙදෙනාගේ සිරුරු මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ තැන්පත්කර ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

එම පුද්ගලයින් දෙදෙනාගේ මියයෑම සිදුවූ ආකාරය සොයා පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ පතල සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *