ඉන්දීය – එංගලන්ත එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට
ඊයේ (28) සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති එක්දින තරඟවලියෙන් තරග 2 – 1ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී ලකුණු 329 ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 322ක් පමණි. ඒ අනුව ලකුණු 07ක තියුණු ජයක් ඉන්දීය කණ්ඩායම ලබාගත්තේය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශිකර් ධාවන් ලකුණු 67, රිශ්බා පාන්ට් ලකුණු 78 සහ හාර්තික් පන්ද්යා 64 අර්ධ ශතක ලබාගනිමින් ඉනිම ශක්තිමත් කළහ.
එංගලන්ත කණ්ඩායමේ සෑම් කරන් නොදැවී ලකුණු 95 රැස් කළ අතර ඔහු තරඟයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
