දේශීය

යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීම සඳහා සිව් දින විශේෂ මෙහෙයුමක්

අද (31) සිට දින 4 ක් පුරා යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීම සඳහා දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

මෙම මෙහෙයුමේ දී විශේෂයන් යතුරුපැදි පරීක්ෂාවක් සිදුකරන බවත් යතුරුපැදිකරුවන් විසින් සිදුකරනු ලබන මාර්ග නීති උල්ලංඝණය කිරීම් ඇතුළු විවිධ කාරණා සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර ගෙවුණු පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *