අදත් ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
උතුරු සහ උතුරුමැද පළාත්වල විටින් විට පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තදසුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
අද උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
