ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිගන්වන මහ සිකුරාදා දිනය අදයි
කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිගන්වන මහ සිකුරාදා දිනය අදට (02) යෙදී තිබේ.
අළු බදාදා දින සිට දින 40 ක් පුරා ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුණු බැතිමතුන් විවිධ වතාවන් වල නිරිතවෙමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය සිදු කරයි.
කල්වාරියේ දී ජේසුස් වහන්සේ මුහුණ දුන් සිදුවීම් සිහිපත් කිරීම ලොව පුරා කිතුනු බැතිමතුන් අද දිනයේදී කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පවත්වනු ලබයි.
මෙලෙස අද දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදා (04) දින සිහිපත් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
