ඇමරිකාවේ ප්රහාරයකින් පොලිස් නිලධාරියෙක් මරුට
ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. හි කැපිටල් ගොඩනැගිලි සංකීර්ණය අසළට ප්රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ ප්රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි.
මෝටර් රථයක් ආරක්ෂක මුර පොළක් වෙත කඩා වැදීමට සලස්වමින් එහි සිටි රියැදුරා පිහියක් අතැතිව පොලිස් නිලධාරීන් වෙත පැන එම ඝාතනය සිදු කර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් සැකකරු මිය ගොස් තිබේ.
ඇමෙරිකානු බලධාරීන් ප්රකාශ කළේ මෙය ත්රස්ත ක්රියාවක් නොවන බවයි.
ඝාතනය සිදු කළ සැකකරු 25 හැවිරිදි වියේ පසුවන අතර ඔහු පිළිබඳ ඇමෙරිකාවේ කිසිදු පොලිස් ස්ථානයක තොරතුරු සටහන්ව නොමැති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
Please follow and like us: