මිලියන 13කට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං තොගයක් රේගු භාරයට
කටුනායක ගුවන්තොටුපළේ සඟවා තිබිය දී රුපියල් මිලියන 13කට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං තොගයක් ශ්‍රී ලංකා රේගුවේ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සොයාගෙන තිබේ.
කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් ආසන්නයේ තිබී රත්‍රං තොගය සොයාගෙන ඇති අතර කිලෝ 1 ග්‍රෑම් 500කට ආසන්න බරකින් යුක්ත මෙම රත්‍රං පාර්සල් තුනක දමා තිබූ බවයි රේගුව සඳහන් කළේ.
මීට පෙර ද රන් බිස්කට් තොගයක් සොයාගත් අතර එහිදී එක් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගනුලැබීය.
ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේ මීට පෙර ද රන් බිස්කට් තොගයක් සොයා ගෙන තිබූ අතර එහිදී එක් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව හා එම සිද්ධිය පිළිබදව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම රත්‍රං තොගය සොයාගැනීමට හැකි වූ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
