වැසි රහිත කාලගුණ තත්ත්වයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක අද (06) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.
අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.
ඒ අනුව දොඩංගොඩ , ඉද්දගොඩ, අගලවත්ත, අත්වෙල්තොට , රන්වල, ගොඩවැලිපොකුණ හෙළ සහ කුමන වැව යන ප්‍රදේශ වලට අද දහවල් 12:13 ට හිරු මුදුන්ව පවති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
