දේශීය

විදුලිසැර වැදී තරුණයෙක් මරුට

ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ දී විදුලිසැර වැදී 19 හැවිරිදි තරුණයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම් කටයුත්තක නිරත වෙමින් සිටි දෙදෙනෙකුට විදුලිසැර වැදී ඇති බවයි.

ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ගෙන ආ කොන්ක්‍රීට් කලවම් කිරීමේ යන්ත්‍රයක සිදුවූ විදුලි කාන්දුවකින් එම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ඇහැළියගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *