දේශීය

වේ ගගේ මැණික් කැණීමට අවසර දීමේ තීරණයක් – තිලක් වීරසිංහ

මැණික් හා ස්වරණාභරණ අධිකාරිය විසින් රත්නපුර වේ ගගේ මැණික් කැණීම සඳහා අවසර දීමට තීරණය කර ඇත.

ඒ අනුව මේ යටතේ දෑල පාලම සිට එරබද්දාව දක්වා ගඟ ඉහළට මැණික් කැණීමට අවසර ලබා දෙන බවයි මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ප්‍රකාශ ඇත්තේ.

වේ ගගේ නීති විරෝධී මැණික් ගැරීම් දීර්ඝ කාලයක් පූරා සිදු වී ඇති බව සභාපතිවරයා පැවසු අතර ඒ හේතුවෙන් ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මේ නව ක්‍රමවේදය යටතේ කැබලි 53කට බෙදා ගං දැලේ මැණික් කැණීමට අවසර දෙන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *