දේශීය

මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් – සුරාබදු දෙපාර්තමේන්තුව

හෙට (13) සිට සතියක් සුරා අපරාධ මෙන්ම මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මත්ද්‍රව්‍ය අලෙවිය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් තොරතුරු 1913 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ  මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

හෙට සහ අනිද්දා යන දින දෙක තුළ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ඇති මත්පැන් අලෙවිසැල් වසා දැමිය යුතුවේ.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු බලපත්‍ර සහිත හෝටල් බලපත්‍ර සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා එය බලාත්මක නොවන බවද දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *