දේශීය

13,14 දෙදින පුරා කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර අවලංගුයි

හෙට (13) සහ අනිද්දා (14) යන දින දෙකේ, කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය ගමන්වාර අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එළඹෙන අලුත් අවුරුදු උත්සව හේතුවෙන් මෙලෙස මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එසේම එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සන්වා ඇත්තේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මකවන විශේෂ බස් රථ සේවය ද කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බව ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *