ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
වෙප්පන්කුලම්, මඩු පාර, පිරමනලාන්, පැම්පායිමඩු, තාන්ඩිකුලම්, පෙරියකරච්චි වැව යන ප්‍රදේශ වලට අද (12) දහවල් 12:11ට හිරු මුදුන්ව පවතී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
