සහයක රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහයක රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දුනීසියාවේ සිට ගෙන්වන ලද කරුංකා තොගයක්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බව හඟවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය සඳහා ව්‍යාජ දත්ත පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෙහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව එම ව්‍යාජ ලේඛන සැකසු 29 හැවිරිදි වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවක් වන සහකාර රේගු අධිකාරීවරයා ඊයේ (12) දිනයේ දී අත්අඩංගුවට ගැණින.
කෙසේවෙතත් මේ වන විට අදාළ නිලධාරියාගේ වැඩතහනම් කර ඇතැයි වාර්තා වන අතර ඔහුට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
